අතුරුදන් වූ නේපාල ගුවන් යානය කඩා වැටී ඇති බවට සනාථ වෙයි
2022-05-30 11:14:04
Share with:

පුද්ගලයන් 22 දෙනෙකු සමඟ අතුරුදන් වූ නේපාල ගුවන් යානය කඩා වැටී ඇති බවට සනාථ වී ඇතැයි නේපාල හමුදාව නිවේදනය කරයි.

යානය Mustang දිස්ත්‍රික්කයේ Thasang ග්‍රාමීය මහ නගර‍ ප්‍රදේශයේ Sanosware වෙත කඩා වැටී ඇති බවට සොයාගෙන ඇත.

මගීන් 19 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රැගත් Twin Otter ගුවන් යානය ඉරිදා උදෑසන අතුරුදන් වූයේ  Pokhara නගරයේ සිට Mustang දිස්ත්‍රික්කයේ Jomsom නම් කඳුකර නගරය දක්වා පියාසර කරමින් සිටියදී ය. ඉන්දියානුවෝ සිව් දෙනෙක් සහ ජර්මානු ජාතිනයෝ දෙදෙනෙක් ද එහි ගමන් කරමින් සිටියහ. ‍

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම