චීනයේ ‘ ශුන්‍ය කොවිඩ් පාලනය ’ නව කොරොනා වසංගතයට එරෙහි සාර්ථක සටන් ක්‍රමයක්
2022-05-30 21:02:26
Share with:

පසුගිය 21වැනි දා සිට 28වැනි දා දක්වා, ඇමරිකාව තුළ දිනපතා  තහවුරු කරන ලද නව කොරොනා ආසාදිතයන්ගේ දළ සංඛ්‍යාව එක්ලක්ෂ දහදහසක් පමණ විය. මීට පෙර සති 2කට සාපේක්ෂව එය 22%කින් වර්ධනය වී ඇත. ඇමරිකාවේ නව කොරොනා වසංගත තත්ත්වය ‘ නිහඬ ශීඝ්‍ර වර්ධන කාලයේ ’ පවතින බව ඇමරිකානු මාධ්‍ය මේ දින වල නිකුත් කළ දත්තයන් මගින් පැහැදිලි වෙයි.

ඊට සාපේක්ෂ ව, චීනයේ බෙයිජිං සහ ෂැංහයි  නගර වල යළි පැතිර ගිය වසංගත තත්ත්වය ඵලදායී ව පාලනය කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම මාසය ආරම්භයේ නිකුත් කළ නවතම දත්තයන්ට අනුව, 2021 වසර අවසානය වන විට, ලොව පුරා නව කොරොනා වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව එක්කෝටි පනස්ලක්ෂයකි. චීනය තුළ කොවිඩ් වෛරසයට ආසාදනය වීමේ අනුපාතය හා ඉන් මිය ගිය අනුපාතය ගෝලීය වශයෙන් අවම මට්ටම් වල පවතින බව ද එම දත්තයන්හී සඳහන් වෙයි.

ඇමරිකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩිවීම හා චීනයේ වසංගත තත්ත්වය පාලනය  මගින් දෙරට අනුගමනය කළ ක්‍රියාපිළිවෙත් හී වෙනස්කම් පිළිබිඹු කෙරේ. එනම්, ඇමරිකාව ජීවිත කෙරෙහි ‘ නොසැලකිලිමත් ආකල්පය ’ දක්වා තිබේ. ‘ ශුන්‍ය කොවිඩ් පාලනය ’ යනු චීනය ක්‍රියාවට නංවා තිබෙන ආකල්පයයි. චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය සෑම විට ම ‘ ජනතාව හා ජීවිතය කෙරෙහි ඉතා ඉහළ ප්‍රමුඛත්වයක් දැක්වීම ’ සහ ‘ ශුන්‍ය කොවිඩ් පාලනය ’ මගින් නව කොරොනා වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ප්‍රායෝගික ප්‍රගතියක් ලැබ තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම