ලෝක දුම්වැටි විරෝධී දිනයට චීන ළමුන් ගෙන් යෝජනාවක්
2022-05-30 10:15:12
Share with:

2022 වසරේ මැයි 31 වැනිදා, ලෝක 35 වැනි දුම්වැටි විරෝධී දිනයයි.

සෑම වසරකම මෙම දිනයේ චීනයේ පාසල්වල දුම්වැටි විරෝධී ව්‍යාපාර ක්‍රියාත්මක කෙරෙනවා. දුම්පානයට එරෙහි සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම, දුම්පානයට එරෙහි දැනුම ඉගෙනීම සහ දුම්පානයට එරෙහි අත් පත්‍රිකා සැකසීම යනාදී ක්‍රියාකරකම් මගින් "දුම් නොබොන ආරක්ෂකයින්" වශයෙන් චීන සිසුන්, "දුම් නොබොන, අඩු කාබන් සහ සෞඛ්‍ය සම්පන්න" ජීවිතයක් වෙනුවෙන් පෙනී සිටිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව, සෑම වසරකම අප්‍රේල් 7 වන දිනය ලෝක දුම්වැටි විරෝධී දිනය ලෙසට නම් කර තිබුණා. එහෙත් 1989 වසරේ සිට ලෝක දුම්වැටි විරෝධී දිනය සෑම වසරකම මැයි 31 දිනය හෙවත් ළමා දිනයට පෙර දිනය ලෙසට වෙනස් කෙරුණා. එමගින් අනතුරු ඇඟවීමක් ගෙන ඒමටත් දුම්කොළවලින් සිදුවන හානිය වළක්වා ගැනීමටත් ඊළඟ පරම්පරාවට උපකාරී වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වෙනවා.

2014 වසරේ සිට, චීන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියලුම පාසල්වල දුම්පානය තහනම් කිරීම සඳහා නියෝග නිකුත් කළා. තරුණ තරුණියන් වෙනුවෙන් දුම්පානයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීමට අපෙක්ෂා කෙරෙනවා.

චීනයේ දී බාලවයස්කාර දරුවන්ගේ දෙමාපියන් හෝ භාරකරුවන්, බාලවයස්කරුවන්ට ඉලෙක්ට්‍රොනික සිගරට් ඇතුළු දුම්පානය කිරීමට ඉඩ නොතැබිය යුතු අතර පෙළඹවීමක් පවා නොකළ යුතුයි. ඒ වගේම පාසැල් අවට, කිසිඳු ආකාරයකට දුම්වැටි අලෙවි නොකළ යුතු අතර දරුවන් ගැවසෙන ස්ථානවල දුම්පානයට අවසර නැහැ. මෙය චීන ළමුන් දුම්වැටි වලින් ආරක්ෂා කර ගැනීමක් ලෙසට ක්‍රියාමත්මක වෙනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම