ඉදිරි වසර 10 ක තුළ ගස් බිලියන 70ක් රෝපණය කිරීමේ චීනය ඉලක්කය
2022-05-30 14:35:16
Share with:

ඉදිරි වසර 10 ක තුළ ගස් බිලියන 70ක් රෝපණය කිරීමට චීනය උත්සාහ දරනවා. පසුගිය දා ස්විට්සර්ලන්තයේ Davos හිදී පැවති 2022 වසරේ ලෝක ආර්ථීක සංසදයේ වාර්ෂික සමුළුවේ දී දේශගුණ විපර්යාස කටයුතු පිළිබඳ චීන විශේෂ නියෝජිතයා මේ බව ප්‍රකාශ කළා. ලෝක ආර්ථීක සංසදය විසින් ඉදිරිපත් කරන ලද ගෝලීය ගස් ට්‍රිලියනයක් රෝපණය කිරීමේ යෝජනාව චීනය සක්‍රීය ලෙස ක්‍රියාත්මක කරන බව හෙතෙම එහිදී පැවසුවා. එම ඉලක්කය ඉටු කිරීම සඳහා ක්‍රියා කරන බව චීන ජාතික ගස් හා තණබිම් පිළිබඳ දෙපාර්තමේන්තුව පසුගිය දා පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලි කළා.

චීන ජාතික ගස් හා තණබිම් ජෛව පුනරුත්ථාපනය පිළිබඳ කාර්යාල ප්‍රධානී Wu Xiuli මහත්මිය ප්‍රකාශ කළේ 2021 වසරේ සිට 2030 වසර දක්වා චීනය ගස් බිලියන 65.3ක් රෝපණය කිරීමට සැලසුම් කර ඇති බවයි. එම ප්‍රමාණය බහුතර රජයන්හී සංවිධානත්වයෙන්  සංවිධාන කෙරෙන ව්‍යාපෘති වල ඉලක්කයයි. එමෙන්ම එම කාල සීමාව තුළ චීනය ස්වයං වන රෝපණ ‍මෙහෙයුම්, විවිධ අංශ වල හරිතකරණ කටයුතු හා සමාජීය වන රෝපණ කටයුතු මගින් තවත් ගස් බිලියන 5ක් රෝපණය ‍කිරීමට හැකිවනු ඇති බව ඇය පෙන්වා දුන්නා. අදාළ සංඛ්‍යා දෙක මගින් ඉදිරි වසර 10  තුළ ගස් බිලියන 70 ක් චීනය තුළ රෝපණය කිරීම සාර්ථක කර ගත හැකි බව ඇය පැවසුවා.  

ගතවූ වසර 30ක කාලය තුළ චීනයේ වන ආවරණ අනුපාතය හා වන සංචිත ප්‍රමාණය යන දෙකම අඛණ්ඩව සංවර්ධනය වෙමින් පවතිනවා. ලෝකයේ අලුතින් හරිත භූමි ප්‍රමාණයෙන් 25කට වැඩි ප්‍රමාණයක් චීනය අත්පත් කර ගත්තා. වන රෝපණ හා හරිතකරණ කටයුතු චීනය සැමවිටම වැදගත් කොට සලකනවා. නියමිත කාලය තුළ සිය ප්‍රතිඥව ඉටු කිරීම සඳහා චීන ගස් හා තණබිම් පිළිබඳ දෙපාර්තමේන්තුව ඵලදායි පියවර අඛණ්ඩව ගනිමින් ජාතික භූමි හරිතකරණ මෙහෙයුම් පවත්වනු ඇතැයි චීන ජාතික ගස් හා තණබිම් හා ජෛව පුනරුත්ථාපනය පිළිබඳ කාර්යාලයේ ප්‍රධානී Wu Xiuli මහත්මිය ප්‍රකාශ කළා.


ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම