ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල වැඩි කරන බව අගමැති කියයි
2022-05-30 15:13:18
Share with:

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 21 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩිවනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ ක්‍රමවේදයත් කාල වකවානුවත් පක්ෂ නායකයන් විසින් තීරණය කරනු ඇතැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා සඳහන් කළේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල විය. ආර්ථික අර්බුදය වළක්වා ගැනීමට පාර්ලිමේන්තුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්විය. එබැවින් රටට විනිවිද භාවයක් අවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කරයි. නිවැරදි ප්‍රතිපත්ති අනුව කටයුතු කළ යුතු බව ද හෙතෙම කීය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම