තවත් monkeypox රෝගීන් රැසක් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
2022-05-30 10:26:09
Share with:

මැයි 13 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළ monkeypox ආසාදනය‍ට ආවේණික නොවන රටවල් සහ ප්‍රදේශ 23 කින් monkeypox රෝගීන් 257 ක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇත. එමෙන්ම සැක සහිත රෝගීන් 120 ක් පමණ ද හඳුනා ගෙන ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය රෝග තොරතුරු ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව හෙලි කළේය.

වෛරසය සති කිහිපයක් හෝ ඊට වැඩි කාලයක් හඳුනා නොගෙන සංසරණය වී ඇති අතර, එය වැ‍ඩි වශයෙන් මිනිසාගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වීමක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය monkeypox ගෝලීය මහජන සෞඛ්‍ය අවදානම මධ්‍යස්ථ බවට  තක්සේරු කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම