නවීන කෘෂිකර්මයේ විස්මිත ඉදිරි පියවරක් වන අභ්යනවකාශයේ බීජ අභිජනනය
2022-05-28 16:00:38
Share with:

මීට මාසයකට පමණ පෙර චීනයේ Shenzhou 13 අභ්‍යවකාශ යානය නියමිත කාර්යයන් අවසන් කර ආපසු මිහිතලයට පැමිණි බව අපට මතක ය. එහි ගගනගාමීන් සමග ආපසු රැගෙන එනු ලැබූ  බීජ 12000ක් බොහෝ දෙනාගේ විශේෂ අවධානයට ලක් ව තිබේ. මේ වන විට එම බීජ ඉතා යහපත් අන්දමින් අභිජනනය වෙමින් පවතින බව දැනගන්නට ලැබේ.

අභ්‍යවකාශ බීජ අභිජනනය නව තාක්ෂණ ක්ෂේත්‍රයකි. එය අභ්‍යවකාශ තාක්ෂණය හා ජීව විද්‍යා තාක්ෂණය සංයෝජනය වීමක් වශයෙන් සැලකේ. බීජ අභ්‍යවකාශයට රැගෙන ගිය පසු එහි තිබෙන විශේෂ පරිසරය හේතුවෙන් බීජ තුළ යම් යම් වෙනස්වීම් සිදු වේ. එම බීජ ආපසු පෘථිවියට රැගෙන ඒමෙන් පසු නව බීජ ලෙස වගා කෙරේ. සාම්ප්‍රදායික බීජ අභිජනනයට වඩා මෙලෙසින් අභ්‍යවකාශයේ අභිජනනය කිරීම මගින් කෙටි කාලයක් තුළ කෘෂි නිෂ්පාදිතවල ගුණාත්මකභාවය ඉහළ නංවාලීමට හැකි වනු ඇත. එපමණක් නොව එම බීජ වගා කිරීමෙන් තවත් වෙනත් නව කෘෂි බෝග නිර්මාණය වීමට ද ඉඩ තිබේ. නවීන කෘෂිකර්මයේදී අභ්‍යවකාශ බීජ අභිජනනයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම