ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ සිව්වන කලාපීය ආරක්ෂක සංවාද රැස්වීම ‘දුෂාන්බි ප්‍රකාශනය’ නිකුත් කරයි
2022-05-28 16:20:20
Share with:

ඇෆ්ගනිස්ථාන ප්‍රශ්නය පිළිබඳ සිව්වන කලාපීය ආරක්ෂක සංවාද රැස්වීම ‘දුෂාන්බි ප්‍රකාශනය’ නිකුත් කරයි.

එම රැස්වීම ටජික්ස්ථානයේ දුෂාන්බි අගනුවර දී ඊයේ(27) පැවැත්විණ. පසුගිය මාර්තු මාසයේ චීනයේ අන්හුයි පළාතේ ටුන්ෂී නගරයේ පැවති ඇෆ්ගනිස්ථානයේ අසල්වැසි රටවල විදේශ ඇමතිවරුන්ගේ තුන්වන රැස්වීමෙන් සම්මත වූ ‘ටුන්ෂී මුලපිරුම’,‘දුෂාන්බි ප්‍රකාශනය’පිළිගනී. ආර්ථිකය, මානුෂවාදය, සන්නිවේදනය හා ගමනාගමනය, වෙළෙඳාම හා අභ්‍යන්තර හැකියා සංවර්ධනය අතින් ඇෆ්ගනිස්ථානයට වඩාත් ඉහළ සහායක් දක්වන ලෙස එම ප්‍රකාශනය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා ඇත.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට වගකිව යුතු රටවල්, එරට ආර්ථික ප්‍රතිසාධනය හා අනාගත වර්ධනය සඳහා දුන් පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු බව ද එහි සඳහන් වේ.

චීනය, රුසියාව, ඉන්දියාව, ඉරානය, කසක්ස්ථානය, උස්බෙකිස්ථානය, කිර්ගිස්ථානය හා ටජික්ස්ථානය යන රටවල් අටේ ජ්‍යෙෂ්ඨ නියෝජිතවරු මෙවර සංවාද රැස්වීමට එක්වූහ. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම