ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ දේශනයේ සැඟවුණු යථාර්ථය
2022-05-28 16:19:20
Share with:

පසුගිය 26 වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken මහතා George Washington විශ්වවිද්‍යාලයේදී චීනය කෙරෙහි ඇමරිකාවේ ප්‍රතිපත්ති පිළිබඳ දේශනය ඉදිරිපත් කිරීමේ දී  "ආයෝජන, සන්ධානය සහ තරඟකාරිත්වය" යන කරුණු කේන්ද්‍ර කරගත් ඇමරිකානු ප්‍රතිපත්තියේ නව ප්‍රධාන කරුණු පැහැදිලි කර ඇත.

මෙය මනාව විමසා බැලීමේදී පෙනීයන්නේ, "ඇමරිකාව තුළ ආයෝජනය කිරීම" යන ඊනියා අදහසින් ඇත්ත වශයෙන්ම අදහස් වන්නේ ස්වයං සංවර්ධනය අත්කරගෙන තම රටේ තරගකාරිත්වය වැඩිදියුණු කිරීම ය. ඔවුන් පවසන ඊනියා "සන්ධානය" සැබවින්ම "කල්ලිවාදය"යි. එනම් ඇමරිකාවේ මිත්‍ර රටවල් යොදාගනිමින් ඒවා චීනයට ප්‍රහාර එල්ලකිරීමේ යන්ත්‍ර බවට පත්කිරීමය. ඇමරිකාවේ ඊනියා "තරගකාරීත්වය" යනු චීනයට බාධා කිරීම සඳහා බාහිර සාධක සැකසීම මිස අන් කිසිවක් නොවේ. මෙහිදී  "ආයෝජන, සන්ධානය " යනු ඔවුන්ගේ උපායයන් වන අතර " තරගකාරීත්වය " යනු සැබෑ ඉලක්කය බව පැහැදිලි වේ. අවසානයේ ඇමරිකානු ආධිපත්‍යය සහතික කළ යුතු බව එහි ප්‍රධාන අරමුණයි.

Antony Blinken මහතා චීනය සම්බන්ධ ප්‍රතිපත්ති දේශනයේදී සඳහන් කළේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව "චීනය පිළිබඳ කණ්ඩායමක්" ස්ථාපනය කරනු ඇති බවයි. එසේම, දින කිහිපයකට පෙර, ඇමරිකානු ජනාධිපතිවරයාගේ ආසියානු සංචාරය ඊනියා "ඉන්දු-පැසිෆික් උපායමාර්ගය" ප්‍රබල ලෙස ප්‍රවර්ධනය කළ අතර, බෙදීම් සහ ගැටුම් දිරිමත් කිරීම සඳහා "කුඩා කවයේ" රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ද ක්‍රියාත්මක කර ඇත.

අදාළ සිද්ධි සමස්ත වශයෙන් විමසීමේදී, ඇමරිකාව චීනය හා සම්බන්ධ ප්‍රතිපත්ති විග්‍රහ කිරීමේදී සුන්දර වචන යොදා ගත් නමුත් චීනයට ප්‍රහාර එල්ලකිරීමේ සැබෑ අරමුණ වසන් කළ නොහැකිය.එම සැබෑ අරමුණෙන් යුක්තව, Antony Blinken සිය දේශනයේ දී ඊනියා "චීන තර්ජනය" යන අදහස යළි හුවා දක්වමින් "ජාත්‍යන්තර පද්ධතිය කෙරෙහි බරපතලම දිගුකාලීන අභියෝගයක්" බවට චීනයට අයුතු ලෙස චෝදනා කළේය. එය සොරකම සිදුකළ තැනැත්තාම, සෙසු අයට චෝදනා කරමින් සොරා අල්ලන ලෙස කරන කෑගැසීමක් බඳු ය. ඉරාකය ආක්‍රමණය කිරීම, ලිබියාවේ සහ සිරියාවේ සිවිල් යුද්ධ ඇති කිරීම, ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම, නේටෝ සංවිධානය නැගෙනහිර ප්‍රදේශයට ව්‍යාප්ත කර ඇවිළූ යුක්රේන-රුසියා අර්බුදය යන ක්‍රියාවන්  මගින් ඇමරිකාව ලෝක සාමයට සහ ආරක්ෂාවට විශාලතම තර්ජනයක් වී ඇති බව මනාව පිළිබිඹු වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම