ප්‍රංශ ජනපති හා ඔස්ට්‍රේලියානු අගමැති ද්විපාර්ශ්වික සබඳතා යළි ස්ථාපනයට එකඟ වෙති
2022-05-27 10:42:48
Share with:

ප්‍රංශ ජනපති හා ඔස්ට්‍රේලියානු අගමැති ද්විපාර්ශ්වික සබඳතා යළි ස්ථාපනයට එකඟ වෙති. ප්‍රංශ ජනපති Emmanuel Macron මහතා හා ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese මහතා ඊයේ(26) දුරකථන සංවාදයකට එක්වෙමින්, මෙම එකඟතාව පළ කර ඇත.

ප්‍රංශ ජනාධිපති මන්දිරය මෙම දුරකථන සාකච්ඡාවට පසු පළ කළ ප්‍රවෘත්ති නිවේදනයට අනුව, මීට පෙර ප්‍රංශය සහ ඕස්ට්‍රේලියාව අතර අත්සන් කළ සබ්මැරීන වැඩසටහන, හිටපු ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison මහතා විසින් ඒකපාර්ශ්විකව අවසන් කිරීම හේතුවෙන්, දෙරට අතර විශ්වාසය බිඳ වැටී ඇත.

මෙවර Emmanuel Macron මහතා හා Anthony Albanese මහතා, විශ්වාසය හා ගෞරවය මත පදනම් වූ ද්විපාර්ශ්වික සබඳතා යළි ස්ථාපනයට එකඟ වූහ. දේශගුණික විපර්යාසවලට මුහුණ දීම ඇතුළු ගෝලීය අභියෝග එක්ව ජය ගැනීමට ද ඔවුන් එකඟ වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම