චීනයේ යුවාන් මිලියන 20ට වැඩි ව්යායපාරයන්හි ලාභය 3.5% කින් ඉහළට
2022-05-27 11:17:26
Share with:

2022 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා, යුවාන් මිලියන 20ට වැඩි වාර්ෂික ප්‍රධාන ව්‍යාපාරයන්හි ලාභය පෙර වසරේ සමාන කාල සීමාවට සාපේක්ෂව 3.5% කින් වැඩි වී ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය හෙළි කරයි.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අද (27) නිකුත් කරන ලද දත්ත වලින් පෙන්නුම් කෙරෙන්නේ අප්‍රේල් මාසයේදී කොරොනා වසංගතය චීනයේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාප්ත වීම නිසා කාර්මික ව්‍යවසායන්හි නිෂ්පාදනයට සහ ක්‍රියාකාරීත්වයට විශාල බලපෑමක් එල්ල වූ අතර, කාර්මික ව්‍යවසායයන්ගේ ලාභය අඩු වූ බවයි.

බලශක්ති සැපයුම් සහතික කිරීම, ව්‍යවසාය සහන සහ සැබෑ ආර්ථිකයේ සංවර්ධනය සඳහා සහාය වැනි විවිධ ක්‍රියාමාර්ගවල තිරසර ඵලදායීතාවයත් සමඟ චීන කාර්මික ආර්ථිකයේ වේගවත් ප්‍රකෘතිය ඵලදායී ලෙස ප්‍රවර්ධනය වනු ඇතැයි ද ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පෙන්වා දී තිබේ .

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම