විදෙස් රටවල පවතින පුරප්පාඩු ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
2022-05-26 17:43:22
Share with:

විදේශීය රටවල පුහුණු ශ්‍රමිකයන් සඳහා පවතින පුරප්පාඩු ඉලක්ක කරගනිමින් භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීමේ  අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වාදෙයි.

පුහුණු ශ්‍රමිකයන් විදෙස් රැකියා වෙළඳපළ වෙත යොමු කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය සඳහා ජනාධිපති මන්දිරයේ ඊයේ (25) පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව කියාසිටියේය.

ජපානය, පෝලන්තය සහ රුමේනියාව ආදි රටවල රැකියා පුරප්පාඩු රැසක් පවතී. පවතින ආර්ථික පසුබෑම හමුවේ විදේශ විනිමය හා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා විශේෂ අවධානය යොමුකළ යුතුය. රාජ්‍ය සේවයේ නියුතු ඕනෑම අයෙකුට හෝ බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ බඳවාගෙන ඇති සේවකයෙකුට විදේශ රැකියා සඳහා පිටත්ව යාමට ඇති බාධා ඉවත් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම