චීන ප්‍රංශ සබදතා වර්ධනයට අවධානය
2022-05-26 15:15:57
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වං යී මහතා, ප්‍රංශ නව විදේශ අමාත්‍ය Catherine Colonna මහත්මිය සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වෙයි.

ගෝලීය වශයෙන් බලපෑමක් ඇති දැවැන්ත රටක් වන ප්‍රංශය මුල සිට ම ස්වාධීන රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්තියක් අනුගමනය  කරයි. වසර සියයක විපර්යාසය හමුවේ, චීනය හා ප්‍රංශය උපාය මාර්ගික සම්බන්ධීකරණයන් පුළුල් කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි වං යී මහතා එහිදී පෙන්වා දුන්නේය. චීන-ප්‍රංශ පූර්ණ ප්‍රායෝගික සහයෝගතා දෙපාර්ශ්වයට වැදගත් අයිතිවාසිකම් ලබා දෙමින් ලෝක සාමකාමී සංවර්ධනයට දායකත්වයක් ලබා දී තිබෙන බව හෙතෙම සඳහන් කළේය. “චීන-ප්‍රංශ සබඳතා ක්‍රියා සැලැස්ම”මනාව ක්‍රියාත්මක කිරීම වැදගත් කොට සලකන චීනය, දෙරටේ සහයෝගීතාව අඛණ්ඩව යහපත් කිරීමට කැමැත්තෙන් සිටින බව ද චීන විදේශ අමාත්‍යවරයා පැවසීය.

චීනය ප්‍රංශයේ වැදගත් හවුල්කරුවෙක් මෙන්ම මිතුරෙකි. දෙරටේ නායක දෙපළ විසින් එළඹ ඇති වැදගත් එකඟතාවන් සහ ද්විපාර්ශ්වික සබඳතා ක්‍රියා සැලැස්ම ක්‍රියාත්මක කිරීම ප්‍රංශය වැදගත් කොට සලකන බව Catherine Colonna එහිදී පැවසුවාය. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සර අවස්ථාව ප්‍රායෝජනයට ගෙන දෙරටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතා ගැඹුරු කරමින් ප්‍රංශ-චීන සම්පූර්ණ උපාය මාර්ගික හවුල්කාරි සබඳතා නව වර්ධනයක් ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමට ප්‍රංශය බලාපොරොත්තු වන බව ද ඇය එහිදී සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම