දවල් සිහින දකින ජපාන සොල්දාදුවෝ සහ දේශපාලනඥයෝ
2022-05-26 22:38:04
Share with:

ජපානයේ ඇතැම් දේශපාලකයෝ තම නිවස තුළටම "වෘකයන්" රැගෙන එමින් ගැටලු ඇතිකරමින් සිටිති.

පසුගියදා ටෝකියෝහි පැවති ඇමරිකානු-ජපාන-ඉන්දියානු-ඔස්ට්‍රේලියානු සිව්පාර්ශ්වික ආරක්ෂක සංවාද සමුළුවේ දී (QUAD)  ඇමරිකාවේ මතවාදය පිළිගෙන ආසියාව පාවාදීමේ අදහස පැහැදිලිව ඉස්මතු විය.

මිලිටරි සහ සමාජ යටිතල පහසුකම් අතින් එම සිව්පාර්ශ්වික එකමුතුව චීනයට එරෙහිව ක්‍රියා කරන බවට ජපාන මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත. නමුත්, චීනයට එරෙහිව එවන් ඊනියා ගැටුමක් ඇති කිරීමට ඔවුන් අපොහොසත් වනු ඇත. 

හමුදාමය අතින් බැලුවහොත්, ආසියාවේදී නව සීතල යුද්ධයක් ඇති කිරීමේ අරමුණෙන් යුක්තව ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව ස්ථාපිත කළ ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක හවුල්කාරිත්වය (AUKUS) ඉන්දුනීසියාව සහ මැලේසියාව ඇතුළු බොහෝ රටවල විවේචනයට ලක්ව ඇත. එය AUKUS සන්ධානයේ අශුභවාදී අනාගතය තීරණය කරනු ඇත. එසේම AUKUS එකමුතුවට වඩා මිලිටරි ශක්තිය දුර්වල  QUAD සන්ධානයට "ආසියානු නේටෝව" පිහිටුවීම දුෂ්කර ය.

ආර්ථීක අතින් නම්, සමාජ යටිතල පහසුකම්වලට වැඩි අවධානය යොමු කරන QUAD සන්ධානයට ඇත්තේ, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ සමග තරග කිරීමේ අරමුණක් බව පහසුවෙන් වටහා ගත හැකිය. එය ඇතැම් ජපානයේ දේශපාලකයින්ගේ ද අරමුණ වේ. එහෙත් ජපාන අගමැතිවරයා හෙළි කළ තොරතුරකට අනුව ඉදිරි වසර පහ තුළදී ඇමරිකාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඩොලර් බිලියන 50ක් පමණක් ආයෝජනය කරනු ඇත. එය ඉන්දියාවේ අවශ්‍යතා සපුරාලීමටවත් ප්‍රමාණවත් නැත. එහෙත් වසර 2013නේ සිට 2021 දක්වා, චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට සම්බන්ධ රටවලට කළ සෘජු ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 161.3 ක් විය. 

QUAD සමුළුව පැවති දිනයේ බොහෝ ජපාන ජනතාව ඊට එරෙහිව විරෝධතා ව්‍යාපාර පැවැත්වූහ. එසේ වුව ද, ඇමරිකාවේ සහාය යටතේ චීනය පරාජය කර, ජපානයේ ‘ජාතික ස්ථානය’ ආරක්ෂා කළ හැකි බව ජපානයේ ඇතැම් බොළඳ සොල්දාදුවන් මෙන්ම දේශපාලනඥයෝ ද තවමත් විශ්වාස කරති. ‍ 

ආසියා-පැසිෆික් කලාපයේ සාමකාමී සංවර්ධනය අපහසුවෙන් සාක්ෂාත් කර ඇති යථාර්ථයකි. කෙසේවෙතත් චීනයේ ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධනය ආරක්ෂා කිරීමේ අධිෂ්ඨානය ශක්තිමත්ය. චීන-ජපන් යුද්ධය නැවත අවුලුවා ලීමට උත්සාහ කරන ජපානයේ සොල්දාදුවන් සහ දේශපාලනඥයන් කරන්නේ දවල් සිහින දැකීමකි. ඔවුන් ඉක්මණින් තම පියවර ආපසු නොගතහොත්, ජපානය යළිත් අගාධයට ඇද වැටීම නොවැළැක්විය හැකි වනු ඇත.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම