චීනයේ ෂැංහයි නගරයේ Jinshan දිස්ත්‍රික්කයේ ඉතා විශේෂ ගොවිපළක් තියෙනවා. මෙහි බීජ වැපිරීම, පොහොර දැමීම, වලවල් කැපීම, වල් නෙලීම ආදී විවිධ කටයුතුවල නිරත වන්නේ ගොවීන් නෙමෙයි, රොබෝවක්.
එම ගොවිපළේ හිමිකරුවා wang jinyue නමැති තරුණයෙක්. 2015 වසරේදී Wang Jinyue නාගරික ප්‍රදේශයේ රැකියාවෙන් ඉවත් වී, නැවත ගොවිපළ වෙත උසස් තාක්ෂණය රැගෙන ආවා. සමාන අදහස් ඇති තරුණයින් කිහිප දෙනෙකු සමග ඔහු වරින් වර විවිධ ගවේෂණය සහ පරීක්ෂාවන් සිදුකරලා අවසානයේ ප්‍රායෝගික මෙන්ම මහා පරිමාණ ප්‍රවර්ධනය සඳහා සුදුසු රොබෝ කිහිපයක් නිපදවා තිබෙනවා. රොබෝ මගින් සාම්ප්‍රදායික කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රමය වෙනස් කර ගොවිතැන් කටයුතු සරල මෙන්ම රසවත් වන බවයි ඔවුන්ගෙ අදහස.
තම මෑණියන්ට ගොවිතැන් කටයුතු සඳහා සහය වන රොබෝවක් නිෂ්පාදනය කිරීම Wang Jinyue ගේ පුංචි කාලයේ සිහිනයක්. දැන් ඔහු ක්‍රමයෙන් එම සිහිනය සාක්ෂාත් කර ගනිමින් සිටිනවා. විවිධ අවශ්‍යතා සපුරාලිය හැකි කෘෂිකාර්මික රොබෝ නිෂ්පාදනයෙන් ඉදිරියේදී ගොවිතැන් කටයුතු රසවිඳිය හැකි කාර්යයක් බවට පත් වන බවයි ඔහු පවසන්නේ.