අභ්‍යවකාශයේ කෘත්‍රිම අපද්‍රව්‍ය එකතු කරන Tianzhou 4
2022-05-26 15:08:06
Share with:

චීනයේ Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය පසුගිය මැයි මාසයේ 10 වනදා සාර්ථකව ගුවන්ගත කර නියමිත කක්ෂයට ප්‍රවේශ වී තිබෙනවා. චීන Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයට මේ වසරේ ප්‍රථම සැපයුම් තොගය එමගින් රැගෙන ගියා. එම භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය, සැපයුම් භාණ්ඩ ගුවනට ප්‍රවාහනය කිරීම පමණක් නොව, අභ්‍යවකාශයේ තිබෙන කෘත්‍රිම අපද්‍රව්‍ය ආපසු එකතු කිරීම ද සිදු කරනවා.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී, ගගනගාමීන්ගේ එදිනෙදා ජීවිතයේදීත්, විද්‍යා පරීක්ෂණ සිදු කිරීමේදීත් අපද්‍රව්‍ය ඇති වෙනවා. අභ්‍යවකාශය අසීමිතව විශාල වුණත්, අපද්‍රව්‍ය නොසැලකිල්ලෙන් මුදා හරිනවා නම්, මානවයන්ගේ සෙසු අභ්‍යවකාශ උපකරණවලට එය ආරක්ෂිත තර්ජනයක් ගෙන දෙනවා. නියමිත කාලයට අපද්‍රව්‍ය පාලනය කිරීම වැදගත් කාරණාවක්.

ඒ හේතුවෙන් මෙවර Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන යානය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සැපයුම් භාණ්ඩ ලබා දීමෙන් අනතුරුව, අපද්‍රව්‍ය එකතු කර තැන්පත් කිරීමට ද නියමිත ව තිබෙනවා.

Tianzhou 4 භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයට සුවිශාල භාණ්ඩ ධාරිතා බහාලුමක් තිබෙනවා. සේවා ආයුෂ කාලය අවසන් වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ස්වයංව වෙන් වෙන ආකාරයටයි එය නිර්මාණය කර තිබෙන්නේ. එවිට අපද්‍රව්‍ය රැගත් එය, වායු ගෝලය තුළ පිළිස්සී යනවා. එමගින් එම යානය අපද්‍රව්‍යයක් වීම ද වැළකෙනවා.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම