G7 කණ්ඩායමේ බලශක්ති, දේශගුණික සහ පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුවේදී බලශක්ති සංක්‍රාන්තිය සහ දේශගුණ ආරක්ෂණය කෙරෙහි අවධානය
2022-05-26 09:50:46
Share with:

G7 කණ්ඩායමේ බලශක්ති, දේශගුණික සහ පරිසර අමාත්‍යවරුන්ගේ සමුළුව 25වැනිදා සිට 27වැනිදා දක්වා ජර්මනියේ බර්ලින් හිදී පැවැත්විණ. තෙදින සමුළුවේදී බලශක්ති සංක්‍රාන්තිය සහ දේශගුණ ආරක්ෂණය කෙරෙහි අවධානය යොමු විය.

සමුළුවේ ඒකාබද්ධ ප්‍රකාශන කෙටුම්පතට අනුව G7 කණ්ඩායම "2030 වසර වන විට ගල් අඟුරු භාවිතයෙන්  ඉවත්වීමට කැපවී සිටිති. එහෙත්, ජර්මානු මාධ්‍ය වාර්තාවලට අනුව එම කෙටුම්පතේ ඇතැම් අන්තතර්ගතයන්ට විශේෂයෙන්ම ඇමරිකාව සහ ජපානයේ විරෝධය එල්ල වූ බවයි. 2035 වසර වන විට සියලුම බලශක්ති අංශ හරිතාගාර වායු විමෝචනය නොකළ යුතුය යන  යෝජනාව ඉතා දැඩි නිර්දේශයක් වීම එම විරෝධයට හේතුවයි. ජර්මානු ෆෙඩරල් ආර්ථික කටයුතු සහ දේශගුණ ආරක්ෂණ අමාත්‍යංශයට අනුව, දැනට සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතර අවසන් ඒකාබද්ධ ප්‍රකාශය 27 වැනිදා නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම