පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගේ මෙහෙයවීමෙන් පෙළපාළියක්
2022-05-26 16:03:57
Share with:

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ගේ අනුගාමිකයෝ පෙළපාලියක නිරතවෙති.

එරට හිටපු අග්‍රාමාත්‍ය, පාකිස්ථාන Tehreek-e-Insaf පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් මහතාගේ මෙහෙයවීම යටතේ ඔහුගේ අනුගාමිකයන් ඊයේ(25)ඉස්ලාමාබාද් හි පෙළපාළියක නිරතවූ අතර එහිදී පොලිස් නිලධාරීන් සමග ගැටුමක් ද ඇතිවිය. පොලිස් නිලධාරීහු  කඳුළු ගෑස් භාවිතා කළහ.

ඉම්රාන් ඛාන් මහතා පසුගිය 22වැනි දා ප්‍රකාශ කළේ ඔහු විසින් සංවිධාන කෙරෙන ‘ Long March ’ පෙළපාළිය 25වැනි දා ඉස්ලාමාබාද් කරා ගමන් කරන බවයි. Tehreek-e-Insaf පක්ෂ කාර්ය මණ්ඩලය හා ජනතාව ඊට එක්වී තම රටේ ‘ සැබෑ නිදහස ’ සඳහා සටන් කරන ලෙස ඔහු ඉල්ලා සිටී. පාර්ලිමේන්තුව විසුරුවා හැර යළි මැතිවරණය පවත්වන ලෙසට  බල කිරීම පෙළපාළියේ අරමුණයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම