ලොව ආහාර සුරක්ෂිතතාවට බලපෑම් එල්ල කරන රුසියා හා යුක්රේන ගැටුම
2022-05-26 15:18:28
Share with:

මෑතකදී රුසියාව හා යුක්රේනය අතර ගැටුම ගෝලීය අවධානයට ලක්ව තිබේ. ලෝකයේ ප්‍රධාන ආහාර හා බලශක්ති අපනයන රටවල් දෙකක් අතර මෙම ගැටුම, ගෝලීය ආහාර වෙළඳපොළට හා  භූ දේශපාලන ගැටුම්වලට  බලපා ඇත.

2021 සහ 2022 දී ගෝලීය ආහාර මිලේ නව වටයේ ඉහළ යාමක් උදා දක්නට ඇත.රුසියාව සහ යුක්රේනය අතර ගැටුමට පෙර, ඇමරිකාව සහ බ්‍රසීලය යනාදී රටවල කෘෂිකාර්මික නිෂ්පාදන ප්‍රදේශවල ආහාර මිල, දේශගුණය, ප්‍රබල ගෝලීය ඉල්ලුම සහ සැපයුම් දාම ගැටළු හේතුවෙන් වසර 11 ක් තුළ ඉහළම මට්ටමට පැමිණ තිබේ. ජාත්‍යන්තර ධාන්‍ය කවුන්සිලයට අනුව, රුසියානු-යුක්රේන ගැටුම හේතුවෙන් ගෝලීය ආහාර මිල තවත් සියයට 22 කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකියක් පළ කර ඇත.

රුසියාව සහ යුක්රේනය ලොව විශාලතම සහ පස්වන විශාලතම තිරිඟු අපනයන රටවල් දෙකයි. දිගු කාලීනව, වසංගත හා භූ දේශපාලනික ගැටුම් හේතුවෙන් ලෝකයේ බොහෝ ප්‍රධාන කෘෂිකාර්මික අපනයන රටවල් සිය අපනයනයන්ට සීමා පනවා ඇත. ගෝලීය ආහාර මිල යම් කාලයක් තුළ අඛණ්ඩව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනය විශාලතම කෘෂිකාර්මික නිෂ්පාදන ආනයන රටයි. රුසියානු-යුක්රේන ගැටුමේ බලපෑම චීනයේ ආහාර මිල කෙරෙහි බලපෑමක් එල්ල කරයි. ගෝලීය සැපයුමේ දැඩි හිඟයක් ඇති කිරීමට ඉඩකඩ නැති නමුත් කෙටි කාලීනව, වෙළඳපල මිල ඉහළ යනු ඇත. දිගුකාලීනව, කෘෂිකාර්මික නිෂ්පාදනයට බලපාන අතර මීළඟ කාර්තුවේ වෙළඳපල සැපයුමට බලපෑමක් එල්ල කිරීමේ අවදානමක් පවතී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම