ඇමරිකාව හිතුවත්කාරී ලෙස සම්බාධක පැනවීම ජගත් ප්රකජාවේ අප්රමසාදයට
2022-05-26 11:16:54
Share with:

ඇමරිකාව හිතුවත්කාරී ලෙස සම්බාධක පැනවීම ජගත් ප්‍රජාවේ අප්‍රසාදයට ලක්ව ඇතැයි ඇමරිකාවේ ” දේශපාලනඥයන් ” නමැති සඟරාව පවසයි.

යුක්රේන-රුසියානු අර්බුදය හට ගැනීමෙන් පසු ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව අඛණ්ඩව සම්බාධක පනවා තිබේ.එය එම අර්බුදය තව තවත් උග්‍ර කිරීමට හේතුවී ඇත. ඊයේ (25) ඇමරිකාවේ ” දේශපාලනඥයන් ” නමැති සඟරාව  යුක්රේනයට සහය වීමට වෙනත් රටවල් පෙළඹීමට ඇමරිකාව අසමත් වේ ” යන ලිපිය පළ කර තිබේ. එම ලිපියට අනුව යුක්රේන-රුසියානු ප්‍රශ්නය සම්බන්ධයෙන් බොහෝ රටවල් සිටින්නේ ඇමරිකාවට වෙනස් ස්ථාවරවල ය. එය වෙනස් කිරීම සඳහා සම්බාධක පැනවීමෙන් එම රටවලට තර්ජනය කිරීමට ඇමරිකාව කටයුතු කර ඇත. එහෙත් එම ක්‍රියාමාර්ගයට ජගත් ප්‍රජාවේ සක්‍රීය ප්‍රතිචාරයක් ‍ලැබී නොමැත. මෙය ඇමරිකාවේ උපාය මාර්ගික පරාජයක් බව එම ලිපිය පෙන්වා දෙයි. ඇමරිකාවේ අන්ධ ආත්ම විශ්වාසය සහ හිතුවත්කාරී ලෙස සම්බාධක පැනවීම, ජගත් ප්‍රජාවේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇතැයි  ” යුක්රේනයට සහය වීමට වෙනත් රටවල් පෙළඹීමට ඇමරිකාව අසමත් වේ ”  යන ලිපිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම