අභ්‍යවකාශයේ උපදින බීජවලින් සැකසෙන කෘෂි ආහාර ඔබේ කෑම මේසයටත්
2022-05-25 15:04:43
Share with:

පසුගිය දා නියමිත මෙහෙයුම් සම්පූර්ණ කිරීමෙන් පසු චීනයේ Shen Zhou 13 අභ්‍යවකාශ යානය යළි පෘථිවියට සාර්ථකව ආපසු පැමිණියා. ගගනගාමීන් සමඟ පෘථිවියට යළි රැගෙන ආ භාණ්ඩ අතර, විවිධ බෝගවල බීජ 12000ක් ද තිබුණා. මේ වනවිට මාසයක කාලයක් ගත වී ඇති එම බීජ, සාර්ථක ලෙස වගා කර තිබීම  සුවිශේෂ කරුණක්.

චීනය ප්‍රථම වරට ශාක බීජ අභ්‍යවකාශයට යොමුකළේ 1987 වසරේ දී. එතැන් සිට මේ දක්වා චීනය, අභ්‍යවකාශ පරිසරයේ 200කට අධික බීජ වර්ග අභිජනනයට පියවර ගත්තා. එසේ වගාකෙරුණු  බිම් ප්‍රමාණය භෙක්ටයාර මිලියන 2.4කට අධිකයි. අභ්‍යවකාශ පරිසරය තුළ අභිජනනය කළ බීජ වර්ග ප්‍රමාණය හා බීජ භාවිත කිරීමේ ක්ෂේත්‍ර අතින් චීනය ප්‍රමුඛ ස්ථානයක පසුවනවා. එමගින් අත් වූ ආර්ථීක ප්‍රතිලාභ චීන යුආන් බිලියන 200 ඉක්මවා ගොස් තිබෙනවා. ආර්ථීක ජයග්‍රහණ හැරුණු කොට, අභ්‍යවකාශ පරිසරය තුළ බීජ අභිජනනයෙන් නව බීජ සම්පත් පුළුල් කිරීමටත් පිටුබලයක් සැපයෙනවා.   

අභ්‍යවකාශ පරිසරය තුළ බීජ අභිජනන තාක්ෂණය මගින් ඇතැම් කෘෂි බෝගවල වගා කාලසීමා කෙටි කෙරුණා. ඇතැම් බෝගවල රෝග වැළැක්වීමේ හැකියාව තහවුරු කෙරුණා. එමෙන්ම ඇතැම් බෝගවල අස්වනු ප්‍රමාණය වැඩි වූ අතර, ඇතැම් ඒවායේ ගෙඩිවල වර්ණ හා ප්‍රමාණ වෙනස් වුණා. 

අභ්‍යාවකාශ තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ජනතාවගේ දෛනික ජීවිතය පවා වෙනස් වෙමින් පවතිනවා. අභ්‍යවකාශ පරිසරය තුළ අභිජනනයෙන් සැකසුණු බෝගවර්ග සාමාන්‍ය ජනතාවගේ කෑම මේසවලටත් පැමිණියා.ඇතැම්විට ඔබ අනුභව කරන සහල්,තිරිඟු,අමු මිරිස් එළවලු වැනි ආහාර අභ්‍යවකාශයේ අභිජනනය කෙරුණු බීජවලින් වගා කළ ඒවා විය හැකි බව ඔබ සිතුවා ද ?

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම