චීන ජනපති හා ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය අතර හමුවක්
2022-05-25 15:35:40
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් Verónica Michelle Bachelet මහත්මිය හමුවෙයි. අද (25)  පැවති හමුවට ජනාධිපතිවරයා බෙයිජිං නුවර සිට වීඩියෝ ආකාරයෙන් එක්විය.

චීනයට පැමිණි ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය,  ෂී ජින් පිං මහතා සාදරයෙන් පිළිගත්තේය. චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භයේ සිට ම  ජනතාවගේ සුබසාධනය සහ සමස්ත ජාතියේ පුනර්ජීවනය සිය ප්‍රමුඛ මෙහෙවර ලෙස සලකන බව, ෂී ජින් පිං මහතා අවධාරණය කළේය. පොදු අදහස් එක්රැස් කොට මතභේද අවම කරමින්, අන්‍යෝන්‍ය ලෙස අධ්‍යයනය කර පොදු සංවර්ධන අරමුණෙන් යුක්තව, ගෞරවය මත පදනම් වී විවිධ පාර්ශ්ව සමඟ මානව හිමිකම් පිළිබඳ සංවාද හා සහයෝගිතා පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම එහිදී පැවසීය.

මෙම සංචාරය තමා ඉතාමත් වැදගත් කොට සලකන බව Verónica Michelle Bachelet මහත්මිය කියාසිටියාය. දරිද්‍රතාව තුරන් කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනයේදී චීනයේ ජයග්‍රහණ ඇය ඉහළින් අගය කළාය. එසේම, බහුපාර්ශ්විකත්වය ආරක්ෂා කිරීම, ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණදීම හා ලෝක තිරසර සංවර්ධනයට චීනය ලබා දුන් දායකත්වයන් ද මහකොමසාරිස්වරියගේ පැසසුමට ලක්විය. ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයේ සංවර්ධනය සඳහා චීනය සමඟ සහයෝගිතා ප්‍රවර්ධනයට ද ඇය කැමැත්ත පළකළාය. 


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම