ඇමරිකාව COVID-19 ආසාදිතයන් නිසිලෙස ගණනය නොකිරීමෙන් ජනතාව සෞඛ්‍ය අවදානමක
2022-05-25 20:05:33
Share with:

ඇමරිකාවේ වර්තමානයේ පවතින COVID-19 රැල්ලේ ආසාදිතයන්  විශාල සංඛ්‍යාවක් ගණනය වී නැතැයි විශ්වාස කෙරේ. 

COVID-19 සඳහා පෞද්ගලිකව කෙරෙන ශීඝ්‍ර පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ යාම නිසා ලක්ෂ ගණනාවක් රෝගීන් සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙත වාර්තා නොවේ.

කෙසේවෙතත් මේ සතියේ කොරොනා වෛරස ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා ඉහළ මට්ටමක පවතින බව ඇමරිකානු ෆෙඩරල් සෞඛ්‍ය බලධාරීන් ඇමරිකානු ජනතාවට අනතුරු අඟවා තිබේ. එහෙත් සංඛ්‍යාලේඛන අනුව, සැබෑ ආසාදිත සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කර ගණන් කර ඇත.

ඇමරිකානු ධවල මන්දිරයේ COVID-19 ප්‍රතිචාර සම්බන්ධීකාරක Ashish Jha මාධ්‍ය හමුවකදී පැවසුවේ සැබෑ ආසාදන සංඛ්‍යාව ඊට වඩා සැලකිය යුතු ලෙස වැඩි  බවයි. එම සැබෑ සංඛ්‍යාව නිශ්චිතව දැන ගැනීම පහසු නොවේ. එහෙත් විශාල පිරිසක් සිය නිවාසවලම  පරීක්ෂාව සිදු කර රෝග විනිශ්චය කරනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම