යුරෝපා සංගම් සමුළුවේදීත් 'තෙල් සම්බාධක' පිළිබඳ විසඳුමක් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි යුරෝපා කොමිසම කියයි
2022-05-25 09:57:50
Share with:

යුරෝපා සංගම් සමුළුවේදී  'තෙල් සම්බාධක' පිළිබඳ විසඳුමක් සොයා ගැනීමට නොහැකි වනු ඇතැයි, යුරෝපා කොමිසමේ සභාපතිනිය පවසයි.

මේ මස අගදී පැවැත්වීමට නියමිත යුරෝපා සංගම් විශේෂ නායක සමුළුවට එක්වන විවිධ පාර්ශ්ව රුසියානු තෙල් සම්බාධක සඳහා විසඳුමක් සොයා ගැනීමට අපොහොසත් වනු ඇතැයි, යුරෝපා කොමිසමේ සභාපතිනි Ursula von der Leyen මහත්මිය ඊයේ(24) පැවසුවාය.

මේ මස මුලදී, රුසියාවට එරෙහිව තෙල් සම්බාධක ක්‍රියාමාර්ග ඇතුළු හයවන වටයේ සම්බාධක යෝජනා යුරෝපා කොමිසම විසින් ඉදිරිපත් කෙරිණ. කෙසේවෙතත්, රුසියාවට තෙල් සම්බාධක පැනවීම කෙරෙහි හංගේරියාවේ පළ කළ විරෝධය හේතුවෙන් මෙම සැලැස්ම මෙතෙක් සම්මත කර ගත නොහැකි වී තිබේ.

සැලසුමකට අනුව යුක්රේන ප්‍රශ්න, ආරක්ෂාව, බලශක්ති සම්පත් සහ සුරක්ෂිතතාව යනාදී කරුණු කෙරෙහි අවධානය යොමුකරමින්, යුරෝපා සංගමය විශේෂ නායක සමුළුවක් ලබන 30 සහ 31 යන දිනවල පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම