චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට තවත් පර්යේෂණ මොඩුයලයක්
2022-05-25 12:54:12
Share with:

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ "Wentian"  පර්යේෂණ මොඩියුලයේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳව පසුගිය දා චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන පද්ධතියේ ප්‍රධාන සැලසුම්කරුවා පැහැදිලි කළා. අපි අද ඒ ගැන කතා කරමු.

එම මොඩියුල එකලස් කිරීම, පරීක්ෂා කිරීම සහ මහා පරිමාණ අත්හදා බැලීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණ කර තිබෙනවා. එය අභ්‍යවකාශයට නිකුත් කිරීමට සූදානමින් පවතින බව පසුගිය දා චීනයේ මිනිසුන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන පද්ධතියේ ප්‍රධාන සැලසුම්කරු Yang Hong මහතා ප්‍රකාශ කළා. එමෙන්ම, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට අයත් "Mengtian" පර්යේෂණ මොඩියුලය ද අදාළ එකලස් කිරීම සහ පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කර ගොඩ බිම් පරීක්ෂණ කටයුතුවලට යොමු කර තිබෙනවා. 

අභ්‍යවකාශය තුළ ගගනගාමීන්ට ජීවත්වීම සඳහා "Tianhe" ප්‍රධාන මොඩියුලය හා සමාන පහසුකම් "Wentian" පර්යේෂණ මොඩියුලයේ ද සමන්විත වෙනවා. නිදන කුටි 3 ක්, සනීපාරක්ෂක කුටියක්, මුළුතැන්ගෙය යන පහසුකම් ඊට ඇතුළත්. ඉන් ප්‍රධාන මොඩියුලය සමඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ යානා දෙකේ මෙහෙයුම් මාරු කෙරෙන කාලය තුළ රැදි සිටින ගගනගාමීන් 6 දෙනෙකුට ජීවිත පහසුකම් ලබා දිය හැකියි.

"wentian " පර්යේෂණ මොඩියුලය තුළ කුඩා රොබෝ අතක් ද සවි කර තිබෙනවා. ගගනගාමීන් අභ්‍යවකාශ මොඩියුලයෙන් පිටවීම, බාහිර පහසුකම් අලුත්වැඩියා කටයුතු හා පරීක්ෂණ කිරීමේ කටයුතු යන මෙහෙයුම් එම කුඩා‍ රොබෝ අත මගින් හෝ ප්‍රධාන මොඩි‍යුලයේ විශාල රොබෝ අත හා එක්ව සම්පූර්ණ කළ හැකි බව Yang Hong මහතා ප්‍රකාශ කළා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම