ඇමරිකානු ජනපතිගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහතට
2022-05-25 11:52:05
Share with:

ඇමරිකානු ජනාධිපතිවරයාගේ නායකත්වය අනුමත කරන ජනතාවගේ අනුපාතය  36 %ක් දක්වා පහත වැටී ඇතැයි නවතම ජනමත විමසුමකින් පෙන්නුම් කෙරේ.

Reuters සහ සමාජ පර්යේෂණයන්හි නිරත Ipsos Group ආයතනය විසින් නවතම ජනමත විමසුමක ප්‍රතිඵල ඊයේ(24) නිකුත් කරනු ලැබීය. ඉන් පෙනීයන්නේ, ඇමරිකානු ජනාධිපති Joe Biden ගේ නායකත්වය අනුමත කරන ජනතාවගේ අනුපාතය 36%ක් දක්වා පහත වැටී ඇති බවයි. 

මෙය ඔහුගේ නිල කාලය තුළ වාර්තා වූ පහළම අගය යි. අඛණ්ඩව ඉහළ යන උද්ධමනය ද Joe Biden ගේ ජනප්‍රියත්වය පහත වැටීමට බලපා ඇතැයි, විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම