ඇමරිකාවේ අයෝවා හි සාරා රැන්ඩි මහත්මියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගෙන් පිළිතුරු ලිපියක්
2022-05-24 20:13:55
Share with:

ඇමරිකාවේ අයෝවා හි සාරා රැන්ඩි මහත්මියට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පිළිතුරු ලිපියක් යොමු කරයි.

ඇමරිකාවේ සුන්දර අයෝවා වෙත දෙවරක් පැමිණි බව ෂී ජින් පිං මහතා එම ලිපියේ සඳහන් කළේය. ජනතාව අතර මිත්‍රත්වය වටිනා සම්පතක් පමණක් නොව, ද්විපාර්ශ්වික සබඳතා සංවර්ධනයට වැදගත් පදනමක් ද සපයන බව ද හෙතෙම පෙන්වා දුන්නේය. ඇමරිකානු ජනතාව සමඟ හුවමාරු හා සහයෝගිතා ශක්තිමත් කිරීමට චීන ජනතාව කැමැත්තෙන් සිටී. මිත්‍රත්වය අඛණ්ඩව ප්‍රවර්ධනයට ෂී ජින් පිං මහතා සාරා රැන්ඩි මහත්මිය සහ අයෝවා හි පැරණි මිතුරන් දිරිගන්වා ඇත.

1985 සහ 2012 දී ෂී ජින් පිං මහතා මුණගැසී ඇති සාරා රැන්ඩි මහත්මිය මෑතකදී ෂී ජින් පිං මහතාට ලිපියක් යොමුකරමින් ෂී ජින් පිං මහතාගේ මිත්‍රත්වය පිළිබඳව තම කෘතඥතාව  පළ කළාය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම