75වැනි ලෝක සෞඛ්යව සම්මේලනය ඇමරිකාව ප්රපමුඛ ඇතැම් රටවල් ඉදිරිපත් කළ ‍යෝජනාවක් ඉවත දමයි
2022-05-24 11:26:44
Share with:

   75වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් රටවල් ඉදිරිපත් කළ ‍යෝජනාවක් ප්‍රතික්ෂේප කරයි. තායිවාන පළාතට නිරීක්ෂකයෙකු වශයෙන් මෙවර සම්මේලනයට එක් වීමේ අවස්ථාව ලබා දෙන ලෙසට එම යෝජනාව ඉදිරිපත් කෙරිණ.

මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනය කොවිඩ් වසංගතය හටගැනීමෙන් පසු ප්‍රථම වරට මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වෙන සම්මේලනයයි. සමගියෙන් කොවිඩ් වසංගතය මැඩලීම ජගත් ප්‍රජාවේ පෙදු අභිලාෂයයි. එහෙත් සම්මේලනය ආරම්භ වීමට පෙර ලොව ආසර්ථක ම වසංගත පාලන රාජ්‍යයන් වන ඇමරිකාව , ඕස්ට්‍රෙිලියාව, බ්‍ර්තාන්‍යය , කැනඩාව හා ජපානය ඇතුළු බටහිර රටවල් සමග එක් ව ලෝක සෞඛ්‍ය සම්මේලනයෙන් චීනයේ තායිවාන පළාතට නිරීක්ෂක තත්ත්වය ලබාගැනීමට වෑයම් දරා ඇත. එම රටවල් සෞඛ්‍ය තේමා දේශපාලනීකරණය කර ඇත්තේ තායිවාන ප්‍රශ්නය හරහා චීනයට බාධා කිරීමේ අරමුණෙනි.

 මෙවර ලෝක සෞඛ්‍ය සම්මේලනය පැවැත්වීමට පෙර රටවල් 90ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලිපි යොමු කරමින් කියා සිටියේ තායිවානය සම්මේලනයට එක්වීමට විරුද්ධ වන බවයි. එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරන බව එම රටවල් අවධාරණය කර තිබේ.

2017 වසරේ සිට මේ දක්වා තායිවාන ප්‍රශ්නය මගින් චීනයට බාධා කිරීමේ දේශපාලන නාඩගම් ඇමරිකාව විසින් යළි යළිත් ඉදිරිපත් කර ඇත. එහෙත් එවන් නාඩගම් කෙතරම් කළ ද ඇමරිකාවේ අරමුණ ඉටු නොවන බව යළි යළිත් සනාථ වී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම