රැකියා සඳහා විදේශ ගතවීම් 286% කින් ඉහළට
2022-05-24 16:46:38
Share with:

ශ්‍රී ලාංකිකයන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 286 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මේ වසරේ මේ දක්වා ස්වයං මාර්ගයෙන් හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මගින් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව  105 821 කි.

ස්වයං මාර්ගයෙන් වැඩිම පිරිසක් රැකියා සඳහා ගොස් ඇත්තේ, කටාර් රාජ්‍යයටයි. කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා දකුණු කොරියාවට ද විශාල පිරිසක් පිටත්ව ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම