කඩිනම් වගා සංග්‍රාමයකට අගමැතිවරයාගෙන් කමිටුවක්
2022-05-24 16:42:14
Share with:

කඩිනම් වග්‍රා සංග්‍රාමයක් සඳහා කමිටුවක් පත්කෙරේ. ආහාර හිඟයක් අබිමුව සිටින ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳව, අගමැති කාර්යාලයේ ඊයේ (23) පැවති සාකච්ඡාවක දී එම කමිටුව පත්කෙරිණ.

විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කළ එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.  අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් සහ කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කමිටුවේ සෙසු පිරිසයි.

රට තුළ දැනට පවතින ආහාර ප්‍රමාණය පිළිබඳ දත්ත රැස්කිරීම හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා හිටපු භාණ්ඩාගාර ලේකම්වරයා පත්කරනු ලැබීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම