ඇමරිකානු-ජපාන නායකයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2022-05-24 19:35:46
Share with:

ඇමරිකානු-ජපාන නායකයන්ගේ ඒකාබද්ධ ප්‍රකාශය කෙරෙහි චීනය දැඩි විරෝධය පළකරයි.

ඊයේ (23) නිකුත් කෙරුණු එම ප්‍රකාශය, චීනයේ සාධක අනිසි ලෙස හැසිරවීමට උත්සාහ කරමින්, චීනය කෙරෙහි හේතු විරහිතව චෝදනා කරන අතරම කලාපය තුළ එම දෙරටේ ප්‍රචණ්ඩකාරී හැකියාවන් ව්‍යාප්ත කිරීම ද දිරිගන්වා ඇත. එය චීනය අපකීර්තියකට පත්කිරීමක්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් මෙන්ම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය. ඒ පිළිබඳව චීනය ඉහළ අවධානයක් යොමු කරන බව ද හෙතෙම අවධාරණය කළේය.

ඇමරිකාව “නිදහසේ සහ විවෘත භාවයේ” නාමයෙන් ඊනියා “ඉන්දු-පැසිෆික් උපායමාර්ගය” ගොඩනගමින් හවුල්කරුවන් සොයාගෙන දේශපාලන සහ හමුදා ගැටළු නිර්මාණය කිරීමට තැත් කර ඇත. ඉන් සිදු වන්නේ කලාපීය සාමයට හානියක් පමණකැයි ද එම උත්සාහය සාර්ථක නොවනු ඇතැයි ද Wang Wenbin මහතා පෙන්වා දුන්නේය. ජපානය සාමකාමී සංවර්ධනය අනුගමනය කරමින් හමුදාමය හා ආරක්ෂක ක්‍‍ෂේත්‍රයේ සුපරීක්ෂාකාරීව හැසිරිය යුතු බව ද හෙතෙම කියා සිටියේය.

චීනය දිගටම ලෝක සාමය හා සංවර්ධනයට දායකත්වය ලබාදෙන අතර, ජාත්‍යන්තර සහයෝගිතා ශක්තිමත් කරමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමෙහි නියැළී සිටින බව ද Wang Wenbin මහතා අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම