චීන-බහමාස් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ රිදී ජුබිලිය නිමිත්තෙන් දෙරට විදේශ අමාත්‍යවරු සුබ පැතුම් හුවමාරු කර ගනිති
2022-05-23 16:56:28
Share with:

චීනය හා බහමාස් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ විදේශ අමාත්‍යවරු සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.

කැරිබියානු කලාපයේ රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතා පවතින රටවල් අතරින් බහමාස් රාජ්‍යය චීනයේ වැදගත් සහයෝගතා හවුල්කරුවෙකි. ගෙවී ගිය වසර 25ක් තුළ දෙරටේ නායකයන්ගේ අවධානය හා මඟපෙන්වීම යටතේ දෙරට සම්බන්ධතාවය ස්ථිරව වර්ධනය වෙමින් පොහොසත් සහයෝගතා ප්‍රතිඵල දිනා ඇතැයි, චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා එම පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත. බහමාස් රාජ්‍යය සමග අන්‍යෝන්‍ය දේශපාලන  විශ්වාසය තහවුරු කරමින් සහයෝගතා ප්‍රායෝගිකව පුළුල් කිරීමට චීනය කැමති බව ද ඔහු පැවසීය.

බහමාස් විදේශ අමාත්‍ය Frederick Audley Mitchell මහතා පවසන්නේ නොබෝ කලකට පෙර පැවති චීන හා කැරිබියානු කලාපයේ රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාවය ඇති රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම ඵලදායී වූ බවයි. ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 25 වැනි සංවත්සරය පදනම් කර ගනිමින්, දෙරට සම්බන්ධතාවය ස්ථිර ව ප්‍රවර්ධනය කොට  දෙරටේ ජනතාවට අඛණ්ඩව සුබසෙත ලබාදීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම