යුක්රේනය නේටෝ සංවිධානයට එක් වීම පිළිබඳව ඇමරිකාව බොරු පැවසූ බව රුසියාවේ හිටපු ඇමරිකානු තානාපති කියයි
2022-05-22 18:42:45
Share with:

යුක්රේනය නේටෝ සංවිධානයට එක් වීම පිළිබඳව ඇමරිකාව බොරු පැවසූ බව රුසියාවේ හිටපු ඇමරිකානු තානාපති Michael McFaul මහතා පවසයි.

පසුගිය දා Munk විවාදය “වත්මන් යුගයේ බරපතලම භූ දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා රුසියාවේ ආරක්ෂක අවශ්‍යතා පිළිගත යුතු ද ” යන්න සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීය.

එහිදී හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ මහාචාර්ය, ඇමරිකානු දේශපාලන විද්‍යාඥ Stephen Walter මහතා, විවාදකයෙකු වශයෙන් යුක්රේනය නේටෝ සංවිධානයට එක් වීම පිළිබඳ කරුණු සඳහන් කළේ ය. එහි ප්‍රති විරුද්ධ විවාදක රුසියාවේ හිටපු ඇමරිකානු තානාපති Michael McFaul මහතා “ අපේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හැමවිටම බොරු කියනවා” යනුවෙන් කියා සිටියේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම