බ්‍රික්ස් රටවල දේශපාලන විශ්වාසය හා ආරක්ෂක සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා චීන ජනාධිපතිවරයා ගෙන් පැහැදිලි දිශානතියක්
2022-05-21 16:50:44
Share with:

බ්‍රික්ස් රටවල් 5 යනු ලොව විශාලම නැගී එන රටවල් මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රමුඛයන් ය. වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික වේදිකාවන්හි බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණයේ සැලකිය යුතු කොටසක් වශයෙන් සැලකේ.

පසුගිය 19වැනි දා පැවති බ්‍රික්ස් රටවල විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දේශනයක් පවත්වමින් ආරක්ෂාව හා සංවර්ධනය බ්‍රික්ස් සහයෝගිතාවේ වැදගත්ම සාධක දෙක බව පෙන්වා දුන්නේ ය. දේශපාලන ආරක්ෂාව බ්‍රික්ස් සහයෝගිතාවට තීරණාත්මක ය. බ්‍රික්ස් රටවල් එකිනෙකාගේ යහපත සලකමින් එකිනෙකාගේ ස්වාධිපත්‍යය, ආරක්ෂාව හා සංවර්ධන අවශ්‍යතාවන්ට ගරු කරමින් බල දේශපාලනය හා අධිපතිවාදයට එරෙහිව කටයුතු කළ යුතු  බව හෙතෙම එහිදී අවධාරණය කර තිබේ. බ්‍රික්ස් රටවල දේශපාලන විශ්වාසය හා ආරක්ෂක සහයෝගිතා ශක්තිමත් කිරීම සඳහා චීන ජනාධිපතිවරයාගේ එම මතය පැහැදිලි දිශානතියක් ලබා දී ඇත.

බ්‍රික්ස් රටවල තවත් කාර්යයක් වන්නේ සංවර්ධනයයි. ගෝලීය ආර්ථිකයේ අස්ථාවරත්වය හා අසමබරතාව හමුවේ  සංවර්ධන සහයෝගිතාව ශක්තිමත් කිරීම බ්‍රික්ස් රටවලට ඉතා වැදගත් ය. පසුගිය සැප්තැම්බර් මාසයේ ෂී ජින් පිං ජනාධිපතිවරයා‍ ගෝලීය සංවර්ධන යෝජනාවක් ඉදිරිපත් කළේ ය. ඊට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක සහාය ලැබී ඇත. බ්‍රික්ස් රටවල්, නැගී එන වෙ‍ළඳ පොල සතු රටවල් හා සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග සංවාද හා හුවමාරු පැවැත්වීම ඉතා තීරණාත්මක බව ද චීන ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. මෙම මතය ගෝලීය ආර්ථිකය වෙනුවෙන් සක්‍රීය බලපෑමක් වනු ඇතැයි ඉන්දීය ගෝලීය බුද්ධි මණ්ඩලයේ චීනය පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය අදහස් දක්වා ඇත.

 

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම