චීනයේ CanSinoBIO සමාගමේ කොවිඩ් එන්නතට ලෝක සෞඛ්ය් සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය හිමි වේ
2022-05-20 11:07:42
Share with:

චීනයේ CanSinoBIO සමාගමේ කොවිඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය ලබා ගනී.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ(19) නිවේදනය කළේ, චීනයේ CanSinoBIO සමාගම විසින් පර්යේෂණ කෙරුණු CONVIDECIA කොවිඩ් එන්නත, එම සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය නිල වශයෙන් සම්මත කෙරුණු බවයි. Sinopharm සහ Sinovac යන  කොවිඩ් එන්නත්වලින් පසු ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැතිය හිමි වූ  චීනයේ තුන්වැනි කොවිඩ් එන්නත මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත අනුමැති ක්‍රියාවලියට අනුව, CONVIDECIA කොවිඩ් එන්නතේ ගුණාත්මකභාවය, සුරක්ෂිතභාවය, ප්‍රතිකාර ප්‍රගතිය, අවදානම් කළමනාකරණය, සැකසුම් ප්‍රායෝගිකත්වය, නිෂ්පාදනය කෙරෙහි සිදුකළ ඇගයීම් අවසන් වී ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම