බ්‍රික්ස් රටවල දේශපාලන පක්ෂ, බුද්ධි මණ්ඩල හා ජන සංවිධාන සාකච්ඡා සභාවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-05-20 09:47:37
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බ්‍රික්ස් රටවල දේශපාලන පක්ෂ, බුද්ධි මණ්ඩල හා ජන සංවිධාන සාකච්ඡා සභාව වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

වීඩියෝ ආකාරයෙන් පැවැත්වෙන එම සාකච්ඡාව ඊයේ(19) බෙයිජිංහිදී ඇරඹිණ. බ්‍රික්ස් රටවල් ඇතුළු විවිධ රටවල් සමග එක්ව එක්සත් ජාතීන්ගේ 2030 අඛණ්ඩ සංවර්ධන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. එසේම ගෝලීය සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවමින් ගෝලීය පොදු සංවර්ධන ප්‍රජාවක් පොදුවේ ගොඩනැගීමට ද චීනය ක්‍රියා කරනු ඇත.

බ්‍රික්ස් රටවල දේශපාලන පක්ෂ, බුද්ධි මණ්ඩල හා ජන සංවිධාන සිය වගකීම් දරාගෙන අදහස් හුවමාරු පුළුල් කරමින්, ගෝලීය පොදු සංවර්ධනය ඉටු කිරීම හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා බුද්ධිය හා ශක්තිය කැප කරනු ඇතැයි අපේක්ෂා කරන බව, ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ‘බ්‍රික්ස් රටවල බුද්ධි මණ්ඩලයේ චීන කෘත්‍යාධිකාරී මණ්ඩලය’ සහ චීන ජන සංවිධානවල ජාත්‍යන්තර හුවමාරු ප්‍රවර්ධන සංගමය මෙවර බ්‍රික්ස් රටවල දේශපාලන පක්ෂ, බුද්ධි මණ්ඩල හා ජන සංවිධාන සාකච්ඡා සභාව සඳහා ඒකාබද්ධ සත්කාරකත්වය දරා ඇත. රටවල් 10ක දේශපාලන පක්ෂවල නායකයෝ, බුද්ධි මණ්ඩලවල සාමාජිකයෝ හා ජන සංවිධානවල නියෝජිතයෝ 130කට වැඩි පිරිසක් මාර්ගගත ලෙස මෙම සාකච්ඡා සභාවට එක්ව සිටිති.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම