නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක්
2022-05-20 18:43:41
Share with:

නව කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙති.   

නිමල් සිරිපාල ද සිල්වා මහතා   වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී තිබේ.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා දිවුරුම් දී ඇත්තේ  අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසිනි.කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා යි.විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දී තිබේ.හරින් ප්‍රනාන්දු මහතා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා යි.රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසටත් මනූෂ නානායක්කාර  කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙසටත් දිවුරුම් දුන්හ.නලීන් ප්‍රනාන්දු වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා යි.ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට දිවුරුම් දුන්නේ ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම