යුක්රේනයට ඇමරිකානු ඩොලර් කෝටි 10 ක අමතර ආරක්ෂක ආධාර ලබාදීමට ඇමරිකානු ජනපතිගේ අනුමැතිය
2022-05-20 09:55:23
Share with:

යුක්රේනයට ඇමරිකානු ඩොලර් කෝටි 10 ක අමතර ආරක්ෂක ආධාර ලබාදීම ඇමරිකානු ජනාධිපති Joe Biden මහතා අනුමත කරයි.

2021 අගෝස්තු මස සිට, යුක්රේනයට ආයුධ සැපයීම සඳහා  Joe Biden මහතා සෘජුව අනුමත කළ හැකි විදේශ ආධාර අරමුදල් භාවිත කළ දස වැනි අවස්ථාව මෙයයි. ඇමරිකානු ඩොලර් කෝටි 10 ක මෙම අමතර ආරක්ෂක ආධාර මුදල් ඊයේ (19) අනුමත කරනු ලැබීය.

එදිනම, යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 40 ක ආධාර ලබාදීමේ පනත ඇමරිකානු සෙනෙට් සභාව සම්මත කළේය. ඒ පිළිබඳ ඡන්දය විමසීමේදී පක්ෂව ඡන්ද 86 ක් ප්‍රකාශ වූ අතර, විපක්ෂව පළ වූයේ ඡන්ද 11 කි. එම පනත ඇමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය මගින් මීට පෙර සම්මත කර තිබිණ. ජනාධිපතිවරයාගේ අත්සන් තැබීමෙන් පසු එය බලාත්මක වේ.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම