‘RCEP’ ගිවිසුමෙන් පුළුල් වන චීන වෙළඳපොළට එන නැවුම් දූරියන්
2022-05-19 15:59:25
Share with:

 

සීත දේශගුණික කලාපයේ සිටින පරිභෝගිකයන්ට නම්, නැවුම් දූරියන් අනුභව කිරීමට ලැබීම පහසු දෙයක් නොවෙයි. එහෙත් දැන් චීන පරිභෝගිකයන්ටත් නැවුම් තායිලන්ත දූරියන්, නිතර වෙළඳසැල්වලින් මිලට ගත හැකි වී තිබෙනවා.

 පසුගිය දා තායිලන්තයේ දූරියන් තොගයක් පැය දෙකක ගුවන් ගමනකින් පසු චීනයේ ගුවන්ෂී ස්වායත්තයේ නන්නිං ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවුණා. එය, කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම හෙවත් ‘RCEP’ ගිවිසුම බලාත්මක වීමෙන් පසු ගුවන්ෂී ගුවන්තොටුපළෙන් චීනයට පැමිණි පළමු ආනයනික පලතුරු තොගයයි. ‘RCEP’ ගිවිසුමේ සාමාජික රටවලින් පලතුරු ආනයනය කිරීමේ ගුවන්ෂීහි විශේෂ ගුවන් මාර්ගයේ නිල ආරම්භයත්  ඉන් සනිටුහන් වෙනවා.

එම දූරියන් තොගය තායිලන්තයේ වගාබිම්වලින් නෙළා නොබෝ වේලාවකින්ම ගුවන් ප්‍රවාහනයට ලබා දී තිබෙනවා. ‘RCEP’ ගිවිසුම යටතේ කඩිනම් භාණ්ඩ නිශ්කාෂණය මගින් දිනක් ඇතුළත තායිලන්තයෙන් නෙළා ගැනීමේ සිට චීන වෙළඳපොළට පැමිණීම විශේෂත්වයක්. චීන පරිභෝගිකයන්ගේ ඉහළ දූරියන් අවශ්‍යතාව ඉන් මනාව සපුරා ගෙන තිබෙනවා.

 වසර 2021 සැප්තැම්බර් මාසයේ චීන පොදු රේගු දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ නන්නිං ගුවන් තොටුපළේ ආනයන පලතුරු නියාමන මධ්‍යස්ථානය ස්ථාපනය කෙරුණා. එහි රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ වූයේ පසුගිය අ‍ප්‍රේල් මස පළමුවැනිදා යි. ආනයනික පලතුරු ගුවන්ෂී ප්‍රදේශයට රැගෙන ඒම සඳහා, මහා මාර්ග, දුම්රිය මාර්ග ඇතුළු ගොඩබිම් මාර්ග හැරෙන්නට, දැන් ගුවන් මාර්ගයත් යොදා ගත හැකි වී තිබෙනවා.

RCEP’ ගිවිසුම හේතුවෙන් චීන තායිලන්ත පලතුරු වෙළඳාමට නව වර්ධන අවස්ථා රැසක් උදා වුණා. එය පාරිභෝගිකයන්ටත් ආනයන අපනයන වෙළඳාමටත් ඉතා වාසිදායක ගිවිසුමක්.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම