චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හරහා ලෝක ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් විශාල ගාමක ශක්තියක් එක් කරයි
2022-05-19 21:17:58
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කමිටුව ස්ථාපිත වීමේ 70 වැනි සංවත්සරයේ සැමරුම් සම්මේලනය සහ ගෝලීය වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව ඊයේ (18) අමතමින් ලෝක ආර්ථික වර්ධනය පිළිබඳව සිය අදහස් දැක්වීය. ප්‍රතිවිරෝධය වෙනුවට සංවාදය ද විසන්ධි වීම වෙනුවට සම්බන්ධ වීම ද බැහැර කිරීම වෙනුවට ඇතුළත් කිරීම ද මූලික කරගෙන ගෝලීය කළමනාකරණ පද්ධතියේ ප්‍රතිසංස්කරණය ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය.

භූ දේශපාලන අස්ථාවරත්වය හා කොවිඩ් වසංගතය හේතුවෙන් විවිධ රටවල ආර්ථික ක්‍රියාකාරීත්වයට විවිධ බාධා එල්ල වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෑතදී 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගයේ අපේක්ෂිත ඉලක්කය තවත් 0.8%කින් අඩු කර තිබේ. ‍ලෝක ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමට ඇති එකම විසඳුම වන්නේ සියලු රටවල් ආර්ථික වශයෙන් විසන්ධි වීම නොව වඩාත් සම්බන්ධ වීම යැයි චීනය පෙන්වා දෙයි. ලෝකයේ 2වැනි විශාලතම ආර්ථිකය හිමි රට හා ලොව විශාලතම වෙළඳ රට වශයෙන් චීනය ආර්ථික ගෝලීයකරණය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටී. විශාල වෙළඳපොලක් , සර්ව සම්පූර්ණ නිෂ්පාදන කර්මාන්ත පද්ධතියක්, දිනෙන් දින වර්ධනය වන නවෝත්පාදන ධාරිතාව සහ යහපත් වෙමින් පවතින ව්‍යාපාරික පරිසරයක් සතු චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හරහා ලෝක ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් තව තවත් විශාල ගාමක ශක්තියක්  එක් කරමින් සිටී. චීනයෙන් ඈත් වන්නැයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කෙතරම් කෑ ගසමින් කටයුතු කළ ද චීනයෙන් ඈත් ව කටයුතු කිරීමෙන් සිදුවන්නේ තමන්ට ආර්ථික වර්ධන අවස්ථා අහිමිවීම පමණක් බව බොහෝ කරුණුවලින් ඔප්පු වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම