ජපාන-ඇමරිකානු ද්විපාර්ශ්වික සහයෝගිතාවයෙන් කඳවුරු ගැටුමක් නිර්මාණය නොකළ යුතු බව චීනය අවධාරණය කරයි
2022-05-19 10:34:06
Share with:

ජපානය සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව තුළින් කඳවුරු ගැටුමක් නිර්මාණය නොකළ යුතු බව චීනය පෙන්වාදෙයි.

චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව ප්‍රකාශ කළේ, ජපාන විදේශ ඇමති Yoshimasa Hayashi මහතා සමග, ඊයේ (18) වීඩියෝ  ආකාරයෙන් පැවති සාකච්ඡාවේදීය.

චීනය සම්බන්ධයෙන් ජපානය සහ ඇමරිකාව අනුගමනය කරන සෘණාත්මක පියවර පිළිබඳව චීනයේ ස්ථාවරය පැහැදිලි කළ වං යී මහතා, චීනයත් ජපානයත් අතර පවතින්නේ, සාමය සහ මිත්‍රත්වය පිළිබඳ ගිවිසුමක් බව ද පෙන්වා දුන්නේය.ජපානය සහ ඇමරිකාව අතර ද්විපාර්ශ්වික සහයෝගිතාව තුළින් කඳවුරු ගැටුමක් ඇති නොකළ යුතුය. එසේම, චීනයේ ස්වෛරීභාවයට, ආරක්ෂාවට සහ සංවර්ධන අවශ්‍යතාවන්ට හානි නො කළ යුතුය. ජපානයට ඉතිහාසයෙන් පාඩම් උගෙන, කලාපීය සාමය සහ ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමුකරමින්, අසල්වැසි ප්‍රතිපත්තීන්ට හානි සිදුකිරීමෙන් වැළකී සිටිය හැකි වනු ඇතැයි, චීනය බලාපොරොත්තු වන බව ද වං යී මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම