වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළට
2022-05-19 14:22:44
Share with:

එක්සත් ජාතීන්ගේ සංවිධානය වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව අඩු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය,  '2022 වසර මැද ලෝක ආර්ථික තත්ත්වය හා අනාවැකිය' ඊයේ(18) පළ කළේ ය. ගෝලීය ආර්ථික ප්‍රකෘතිය රුසියානු-යුක්රේන ගැටුමේ බලපෑම්වලට ලක්වීම හේතුවෙන් දැවැන්ත මානුෂවාදී අර්බුදයක් උද්ගතව ඇති බව එහි දැක්වෙයි.

වසරේ ගෝලීය ආර්ථික වර්ධන වේගයේ අපේක්ෂිත ඉලක්කය 3.1%ක් දක්වා අඩු කර තිබේ. පසුගිය ජනවාරි මාසයේ පළකෙරුණු වර්ධන වේගය වූයේ 4% කි. මෙම වසරේ ගෝලීය උද්ධමන අනුපාතය 6.7%ක් දක්වා වැඩි වනු ඇත. වසර 2010ත් 2020ත් අතර කාල වකවානුවේ පැවති 2.9%ක උද්ධමන දළ අනුපාතයට සාපේක්ෂ ව මෙය දෙගුණයක වර්ධනයකි. මේ අනුව, ධාන්‍ය හා බලශක්ති මිල කැපී පෙනෙන ලෙස වැඩි වනු ඇති බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම