2023 වසරේ සිට 2027 දක්වා ශ්‍රී ලංකාව උදෙසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන රාමුවක්
2022-05-19 16:44:02
Share with:

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා මාස ගණනාවක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛන්ඩව කටයුතු කරමින් සිටින බව මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරිකා හැනා සිංගර් මහත්මිය පවසයි.

වඩාත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට සහාය දැක්වීමට සහ එම කණ්ඩායම්වල බලපෑම් අවම කිරීමට එම සංවිධානය උත්සාහ දරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල , ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතන සමග සමීපව කටයුතු කරමින් ඔවුන්ගේ සහයෝගය සම්බන්ධීකරණය කිරීමෙන් ද ශ්‍රී ලංකාවට සහාය වන බව ඇය පවසයි. මෙහිදී සෞඛ්‍ය, ආහාර සුරක්ෂිතතාව, සමාජ ආරක්ෂණය සහ ආර්ථික ප්‍රතිපත්ති යන තීරණාත්මක ක්‍ෂේත්‍ර 4  කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය යොමුවී තිබෙ. ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩලයක් පත්වනු ඇති බවටද ඇය අපේක්ෂා කරයි.

2023 වසරේ සිට 2027 දක්වා කාලය ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව උදෙසා එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන රාමුව සකස් කෙරෙමින් පවතී. ජනතාවට ප්‍රතිලාභ ලැබෙන තිරසර ආර්ථිකයක් ගොඩනැගීමට උපකාර වන උපාය මාර්ග සහ වැඩසටහන් ගණනාවක් ඊට ඇතුලත් වන බව ඇය පවසයි.

ගුවන් විදුලිය
20240507අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම