ත්‍රස්තවාදීන් නිර්දෝෂ කිරීමේ නිරත BBC යේ සැබෑ මුහුණුවර
2022-05-19 10:57:36
Share with:

අප්‍රේල් මස කරච්චි විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ බස් රථයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධිය ලොවම කම්පාවට පත් කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද එය දැඩි ලෙස හෙළාදැක්කේය. එහෙත්, බ්‍රිතාන්‍ය BBC මාධ්‍ය ජාලය පසුගියදා විශේෂ වාර්තාවක් නිකුත් කරමින්, අදාළ ත්‍රස්ත ප්‍රහාරයේ අපරාධකරුවන් නිර්දෝෂී කරමින් එම ත්‍රස්තවාදී ක්‍රියාව තාර්කික කිරීමට උත්සාහ දරා තිබේ.

බටහිර ලෝකයේ ප්‍රකට මාධ්‍ය ජාලයක් වන BBC, ප්‍රචණ්ඩ ත්‍රස්තවාදීන් වෙනුවෙන් හඬ නඟයි. එය සදාචාරය පිළිබඳ අවම සීමා පවා බිඳ දමන, ජාත්‍යන්තර යුක්තිය උල්ලංඝනය කරන, වෘත්තීය ආචාර ධර්මවලින් බැහැර වන දුෂ්ට ක්‍රියාවකි. එසේම එය, ලොව පුරා සිටින සාමයට ළැදි මිනිසුන්ට එරෙහි වීමකි.  

කෙසේ වෙතත්, එම වාර්තාව මෙන් ත්‍රස්තවාදීන්ට සුදුහුණු ගෑමේ ප්‍රයත්න  BBC ඇතුළු ඇතැම් බටහිර මාධ්‍ය ආයතනවල නිරන්තරයෙන් දැකිය හැකිය. 2019 හොංකොංහි ප්‍රචණ්ඩකාරී සිද්ධි මාලාවක් සිදුවෙද්දී, ඇතැම් බටහිර මාධ්‍ය ආයතන  එම ප්‍රචණ්ඩකරුවන් “ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කැප වූ විරෝධතාකරුවන්” ලෙස හඳුන්වා දෙමින්,  එම සිද්ධි “සුන්දර දර්ශනයන්” ලෙස ප්‍රචාරය කළහ. නමුත්, එවැනිම ප්‍රචණ්ඩකාරී ත්‍රස්ත ක්‍රියා බටහිර රටවල සිදු වූ විට, ඔවුහු වහා තම ස්වරූපය වෙනස් කර, ප්‍රචණ්ඩ ත්‍රස්තවාදීන් හෙළා දකිමින්, ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව සටන් කිරීමට තම රජයන්ට සහයෝගය දක්වති.

BBC ඇතුළු ඇතැම් බටහිර මාධ්‍ය ආයතනවල මෙම දෙබිඩි ස්වරූපයට හේතුව කුමක් ද? මූලික වශයෙන්, එය බටහිර මාධ්‍යවල ස්වභාවය මගින් තීරණය කරන ලද්දකි. බොහෝ බටහිර මාධ්‍ය, විශාල සමාගම් විසින් පාලනය කරනු ලැබේ. ඔවුහු එම ප්‍රාග්ධන හිමිකරුවන්ට අවශ්‍ය සේවය සපයති. මේ අතර, බටහිර රටවල ප්‍රාග්ධනය සහ දේශපාලනය අතර සහයෝගිතාවක් ද පවතී. ඒ එකිනෙකාගේ උවමනාවන් අනුව යොදාගැනීම සඳහා ය. නිදසුනක් මගින් කිවහොත් එය,  “ඔබ ඡායාරූපයක් සපයන්න, මම ඊට අවශ්‍ය යුද්ධයක් සකසන්නම්” වැනි ක්‍රියාවකි. සැබැවින්ම එය, බටහිර මාධ්‍ය සිය ප්‍රතිලාභ සඳහා “කටකතා යන්ත්‍රයක්” බවට පත් වීමේ සැබෑ නිරූපණයකි.


ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම