චීනයේ ඩිජිටල් ආර්ථිකය තිරසර හා විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක්
2022-05-18 10:59:23
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාව ඩිජිටල් ආර්ථිකය තිරසර හා විධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණයක් පවත්වයි. එම සම්මන්ත්‍රණය ඊයේ (17) බෙයිජිං හි දී පැවැත්විණ.

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සභාපති වං යං මහතා ඊට සහභාගි වී දේශනයක් කළේය. ඩිජිටල් ආර්ථීක සංවර්ධනය පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය ගැඹුරු ලෙස අධ්‍යයනය කළ යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය. වත්මන් තත්ත්වය පැහැදිලි කරමින්, සංවර්ධන විශ්වාසය ශක්තිමත් කර ගෙන, සංවර්ධනය හා ආරක්ෂාව අතර සමබන්ධතාව නිවැරදි ලෙස අවබෝධ කර ගත යුතු බව ද හෙතෙම පැවසීය. නව සංවර්ධන රටාවට අනුගත වී උසස් මට්ටමේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා  ඩිජිටල් ආර්ථිකය අඛණ්ඩව ශක්තිමත් කළ යුතු බව වං යං මහතා එහිදී කියා සිටියේය.


 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම