චීන ජනාධිපතිවරයා සංස්කෘතික පුරා වස්තු මගින් චීනයේ කතාව ලොවට කියයි
2022-05-18 11:07:12
Share with:

මැයි මස 18වැනිදා ජාත්‍යන්තර කෞතුකාගාර දිනයයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෑත වසර කිහිපය තුළ ජාත්‍යන්තර අවස්ථා රැසකදී  එක් එක් අතිවිශිෂ්ට සංස්කෘතික පුරා වස්තු ආදර්ශයන් හරහා චීනයේ කතාව ලොවට ඉදිරිපත් කළේය. එහිදී ඔහු පැවසුවේ, විවිධ ශිෂ්ටාචාරවල අන්‍යෝන්‍ය ගෞරවය හා සුහද සහජීවනය ප්‍රවර්ධනය කළ යුතු අතර, ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය ඉගෙනීම විවිධ රටවල ජනතාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කරන පාලමක් බවට පත් කළ යුතු බවයි.

ලොව ප්‍රසිද්ධ ජින් රජ පෙළපතට අයත් මැටි සෙබළ රූප, චීනය හා විදේශ රටවල් අතර සංස්කෘතික හුවමාරුවේ වැදගත් සංකේතයකි. 2014 මාර්තු 27 වැනිදා ෂී ජින් පිං මහතා යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී දේශනයක් පවත්වමින් මෙම චීන සංස්කෘතියේ නිධානය ලෝකයට හඳුන්වා දුන්නේය.

2017 මැයි 14 වැනිදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං නගරයේ “එක් තීරයක් එක් මාවතක්” ජාත්‍යන්තර සහයෝගිතා සංසදයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් දේශනයක්  කළේය. ඔහු ආරම්භයේදී ගොඩබිම් සේද මාවත සහ මුහුදු සේද මාවත සම්බන්ධ ඓතිහාසික සාධක දෙකක් එහිදී සඳහන් කළේය.

2018 අප්‍රේල් මාසයේදී ෂී ජින් පිං මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හුබේ පළාතේ වූහන් හිදී නිල නොවන හමුවක් පැවැත්වූ අවස්ථාවේදී හුබේහි කෞතුකාගාරයේ විශිෂ්ට සංස්කෘතික පුරා වස්තු ප්‍රදර්ශනය එක්ව නැරඹූහ.

කෞතුකාගාරයේ ඇති සංස්කෘතික පුරා වස්තු, මහා ගොඩබිමේ උරුමය හා පැරණි ග්‍රන්ථවල ඇති වචන ජීවමාන කිරීමටත්, චීන ශිෂ්ටාචාරය ලෝකයේ සරුසාර ශිෂ්ටාචාරයන් සමඟ මානවයාට නිවැරදි අධ්‍යාත්මික මග පෙන්වීම සහ ශක්තිමත් ආත්ම ශක්තියක් ලබා දීමටත් කටයුතු කරන්නෙමු යැයි චීන ජනාධිපතිවරයා පවසා තිබේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම