පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනේ
2022-05-17 16:32:42
Share with:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙසට හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතා වැඩි ඡන්ද 30කින් තේරී පත් වෙයි.

අජිත් රාජපක්ෂ මහතා ඡන්ද 109 ලබාගත් අතර රෝහිණී කවිරත්න මහත්මියට ලබාගත හැකි වූයේ ඡන්ද 78 කි.

පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විසින් නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ අතර කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා එම යෝජනාව ස්ථිර කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රෝහිණී කවිරත්න මහත්මිය ගේ නම යෝජනා කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම යෝජනාව ස්ථිර කළේය.

ඡන්ද 23 ප්‍රතික්ෂේපිත ලෙස ප්‍රකාශ කෙරිණ.

ගුවන් විදුලිය
20240501බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම