චීනයේ භාණ්ඩ ප්‍රවාහනයේ ක්‍රමවත් ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට
2022-05-17 09:32:28
Share with:

චීනයේ දේශීය ක්‍රම සංවිධාන හා සැලසුම්වල ආරක්ෂිත සහ මනා ක්‍රියාකාරිත්වය පිළිබඳ නවතම දත්ත පෙන්නුම් කරන්නේ, චීනයේ භාණ්ඩ ප්‍රවාහනයේ  ක්‍රමවත් ක්‍රියාකාරිත්වය, සමස්තයක් වශයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

මැයි 16 වැනිදා, චීනයේ දුම්රිය මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 10.928 කි. එය පසුගිය මාසයේ මෙම දිනයට සාපේක්ෂව 0.90% ක වැඩිවීමකි. එමෙන්ම, අධිවේගී මාර්ගවල ට්‍රක් රථ ගමනාගමනය මිලියන 7.0349 ක් වූ අතර, එය ඉකුත් මාසයේ මෙම දිනයට සාපේක්ෂව 16.35% ක වැඩිවීමකි.

මැයි 16 වැනිදා මධ්‍යම රාත්‍රිය වන විට, චීනයේ ජාතික මහාමාර්ගවල ගාස්තු කුටි සහ සේවා ස්ථාන කිසිවක් තාවකාලිකව වසා නොමැතිවීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම