තායිවාන ප්‍රශ්නය යළි යළිත් උග්‍ර අතට පත් නොකිරීමට ඇමරිකාව වග බලා ගත යුතුයි
2022-05-17 20:18:22
Share with:

මෑතදී ඇමරිකානු ජනාධිපතිවරයා චීනයේ තායිවාන පලාත පිළිබඳ පණත් කෙටුම්පතකට අත්සන් තබා ඇත. එමගින් ඇමරිකානු ජනාධිපතිවරයා තායිවාන පලාතට යළි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂක තත්ත්වය ලබා දීමට සහය වන ලෙස රාජ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඇමරිකානු රජය මෙසේ කටයුතු කර ඇත්තේ 75වැනි ලෝක සෞඛ්‍ය සම්මේලනය නුදුරේදී පැවැත්වීමට නියමිත පසුබිම යටතේ ය. ලෝක සෞඛ්‍ය සංවිධානය, ස්වාධිපත්‍යය හිමි රටවල් පමණක් එක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ වන විශේෂ සංවිධානයකි. අදාළ රෙගුලාසි අනුව තායිවාන පලාත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරකමකට හෝ සමුළුවකට එක් වුවහොත් එකම චීනය මූලධර්මය යටතේ විය යුතු ය. මීට පෙර තායිවානය චීනයේ පළාතක් වශයෙන් ලෝක සෞඛ්‍ය සම්මේලනයට දෙවරක් එක් විය. පසු කලෙක ඇමරිකාවේ දිරිගැන්වීම ඇතිව තායිවාන පාලකයන් බෙදුම්වාදී පිළිවෙත් අනුගමනය කළ බැවින් තායිවාන පලාතට එම සම්මේලනයට එක්වීමේ වරම අහිමි වී ඇත.

‍ මෙවර ඇමරිකාව හා තායිවාන පලාතේ පාලකයන් යළි එකතු වී ලෝක සෞඛ්‍ය සම්මේලනයෙන් තායිවාන පලාතට නිරීක්ෂක තත්ත්වය ලබාගැනීමට වෑයම් දරමින් සිටී. ඇමරිකානු රජය සැමවිටම එකම චීනය ප්‍රතිපත්තියට ගරු කරන බව කියා සිටිය ද තායිවාන ප්‍රශ්නය යළි යළිත් උග්‍ර අතට ගෙන යාමට කටයුතු කරන බව පැහැදිලි ය. තායිවාන ප්‍රශ්නය හරහා චීනයට බාධා කිරීම හා චීනය සීමා කිරීම ඇමරිකාවේ වෙනස් නොවන අරමුණයි. තායිවාන  පලාතේ පාලකයන් ඇමරිකාවේ එම අඳුරු අරමුණේ ඉත්තක් පමණි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම