චීන විදේශ ඇමතිවරයා හා දකුණු කොරියානු නව විදේශ ඇමතිවරයා අතර විඩියෝ හමුවක්
2022-05-17 16:53:18
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ ඇමති වං යී මහතා ඊයේ(16) දකුණු කොරියානු නව විදේශ ඇමතිවරයා සමඟ  සාකච්ඡාවක නිරත විය. එය වීඩියෝ ආකාරයෙන් පැවැත්විණ.

දකුණු කොරියාව හා දෙර‍ට අතර සබඳතා සම්බන්ධයෙන්, චීනය සැමවිටම උපායමාර්ගික සහ පුළුල් දෘෂ්ටිකෝණයකින් සලකන බව, වං යී මහතා එහදී සඳහන් කළේ ය.

චීන-දකුණු කොරියානු සබඳතා ශක්තිමත් කිරීම සඳහා යෝජනා 4ක් වං යී මහතා එහිදී ඉදිරිපත් කළේ ය. සන්නිවේදන හා හුවමාරු ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය විශ්වාසයේ පදනම ශක්තිමත් කිරීම, අන්‍යෝන්‍ය යහපත් හා සහයෝගීතා ශක්තිමත් කිරීම සහ  පොදු සංවර්ධනය සහ සබඳතා පුනර්ජීවනය එම යෝජනාවන් ය. සිවිල් මට්ටම් සහ සංස්කෘතික හුවමාරු ශක්තිමත් කළ අතර, දෙරටේ ජනතාව අතර  බැඳීම් ද ප්‍රවර්ධනය කළ යුතු ය. එමෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කරන අතර, කලාපීය ස්ථාවරත්වය ආරක්ෂා කළ යුතු බව ද, වං යී මහතා සඳහන් කළේ ය.

චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා දකුණු කොරියාව විශාල වැදගත්කමක් ලබා දෙන බව දකුණු කොරියානු නව විදේශ ඇමතිවරයා පැවසීය. අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීත්වයේ කේන්ද්‍රය මත පදනම්ව, චීනය සමඟ වඩා හිතකර සහ පරිණත ද්විපාර්ශ්වික සබඳතාවක් ගොඩනඟා ගැනීමට, දකුණු කොරියාව කැමැත්තෙන් සිටින බව ද, ඔහු සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම